(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද(20) දිනයේ සිට සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව අද සිට මාසයක කාලයක් තුළ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සිදුකළ හැකි බව පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.
පසුගිය පෙබරවාරි මස 10 වන දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල වලට අනුව ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ හැකියාව තිබේ.
කෙසේවෙතත් සියයට 50ට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ඡන්ද විමසීමක් පැවත්වීමට නියමිතය.
පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ට එම ඡන්ද විමසීම සඳහා අවශ්‍ය බලය ලබාදී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.
ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතන 340න් 169ක බලය පිහිටුවීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් බලය පිහිටුවන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් ඊයේ(19) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
මෙහිදි කොළඹ පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය දිවුරුම් දි ඇති අතර උප නගරාධිපති ලෙස මොහොමඩ් තුල්බා හා මොහොමඩ් ඉක්බාල් දිවුරුම් දී තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]