ප්‍රමුඛ පුවත 1

ලෝක කාලගුණ වෙනසින් ශ්‍රී ලංකාවටත් බලපෑම්

(UTV| කොළඹ) – ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව හෙළි කෙරේ.

ඒ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙළදපොළ නියෝජනය කරන රටවල් 67ක් තෝරා ගනිමින් ජාත්‍යන්තර බැංකුවක් මගින් සිදුකළ අධ්‍යයනයකිනි.

එම රටවල් 67 ලෝක ජනගහනයෙන් සියයට 80ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 94ක් නියෝජනය කරයි.

ගෝලීය උණුසුම ඉහළ යාමෙන් වැසි අඩුවීම මෙන්ම සුළි සුළං, ජල ගැලීම් වැනි ප්‍රචණ්ඩ කාලගුණ සිදුවීම් සුලභ වනු ඇති බව එම අධ්‍යයනයේදී  අනාවරණය වී තිබේ.

එම අධ්‍යයනයට අනුව කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් එල්ල වන රට ලෙස හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවයි.

පිලිපීනය සහ බංග්ලාදේශය එහි ඊළඟට අවදානමක් සහිත රටවල් ලෙස නම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් සිසුවෙකු අතුරුදන්

Mohamed Dilsad

ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

Mohamed Dilsad

තෙල් තොග හිඟයකින් තොරව ලබා දීමට හැකියි – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Mohamed Dilsad

Leave a Comment