ප්‍රමුඛ පුවත 1

ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වර්ජනය අවසන්

(උදයම් ,කොළඹ) – ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබේ.

අද (5) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද සාකච්ඡා පවත් වන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.

ඒ අනුව හෙට (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත්, තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටළුවට ජනාධිපතිවරයා මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් මාරඹගේ මහතා සඳහන් කරයි.

Related posts

‘සියොන්’ දේවස්ථානය වෙත ප්‍රහාරකය පැමිණි යතුරුපැදිය සොයා ගනී

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ට කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

සජිත් සමඟ විවාදයකට සහභාගී නොවිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment