ප්‍රමුඛ පුවත 1

රුසියානු ජනාධිපති ව්ලැඩ්ර්මීර් පුටින් මහතාට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

(UTV| කොළඹ) – පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමුකරමින් ජනාධිපතිතුමා සඳහන් කර තිබෙන්නේ ව්ලැඩ්මීර් පුටින් මහතා ලබාගත් මෙම විශිෂ්ට ජයග‍්‍රහණය එතුමාගේ නායකත්වය සහ දේශපාලන පරිනතභාවය පිළිබඳ රුසියානු ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නක් බවයි.

රුසියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ප‍්‍රගතිශීලි සහ ශක්තිමත් සබඳතාවයක් බවට පත්කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා දෙරටේ පොදු අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට කලාපීය සහ බහුපාර්ශ්වීය වශයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටට හැකියාව ලැබෙනු ඇති බව ද සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

රංජන් අධිකරණය හමුවට

Mohamed Dilsad

නීති විරෝධී දුම්වැටි තොගයක් පිළිස්සීමට පියවර

Mohamed Dilsad

Leave a Comment