ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව ගැන අපි අවධානයෙන් – මානව හිමිකම් කවුන්සිලය කියයි

(UTV| ජිනීවා) – ශ්‍රී ලංකාවේ යුක්තිය වෙනුවෙන් වන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී  පෙන්වා ඇති මන්දාගාමී ප්‍රගතිය කණගාටුදායක බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝර් මහත්මිය ප්‍රකාශ කලාය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන ලද ලිඛිත වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එම කරුණු සදහන් කර සිටියේය.

මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය හා අඛණ්ඩව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරන බවද නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී පවසා ඇත.

“අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සාමාජිකයන් පත් කිරීමට පනත සම්මත වී මාස 20කට ආසන්න කාලයක් ගත වුණා. එය ඉතා කණගාටුදායක  කරුණක්. එයට අමතරව හමුදාව යටතේ තිබූ ඉඩම් නැවත ලබාදීමේදී ද ශ්‍රී ලංකා රජය පෙන්වා තිබෙන්නේ මන්දගාමී ප්‍රගතියක්. මෙම ඉඩම් නැවත ලබාදීමට නොහැකි වුවහොත් විශ්වාසය ගොඩනගන්න අමාරුයි. ආරක්ෂක හේතුන් මත හමුදාව යටතේ තිබෙන ඉඩම්වලට සාධාරණ වන්දි මුදලක් ගෙවිය යුතු බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී පෙන්වා දුන්නාය.

පසුගියදා මහනුවර ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරගනිමින් ඇතිවු කලහකාරී තත්වය සහ පැවැති හදිසි නීතිය සම්බන්ධයෙන් අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. සුළු ආගමික හා සුළු ජන කොටස් ඉලක්ක කරගනිමින් කෙරෙන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙන බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය මෙහිදී සදහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ ගැටළු – ගුරු සංගම්යෙන් චෝදනා

Mohamed Dilsad

රටවල් කිහිපයක තනාපතිවරුන් පැමිණ ජනපතිට සුබ පතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment