ප්‍රමුඛ පුවත 1

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

(UTV| කොළඹ) – ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ළමා ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ප්‍රවෘත්ති වාර්තාකරණය කළ යුතු අන්දම පිළිබඳව විශේෂ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විට සකසා ඇති බව ජාතික ළම ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා අපයෝජන පිළිබඳ වාර්තාකරණයේදී ජනමාධ්‍යයේ භූමිකාව සුළුපටු නොවේ. ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා ඔවුන්ට සුවිශේෂී කාර්ය භාරයක් සිදු කළ හැකිය.

ළමා අපයෝජන/ ළමා සැකකරුවන් පිළිබඳ වාර්තාකරණයේදී ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන් විසින් සැළකිලිමත්විය යුතු කරුණු පිළිබඳ මෙම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය පියවර 10 ක ක්‍රියාවලියක් මඟින් විද්වත් කමිටුවක අනුමැතියෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකසා ඇත. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ද නියමිතය. (ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයේ පිටපත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇත).

ඒ අනුව එම මාර්ගෝපදේශ සංග්‍රහය ජනසන්නිවේදනය, ජනමාධ්‍ය යන විෂයන් උගන්වනු ලබන විශ්වවිද්‍යාල වෙත මේ වන විට යොමුකර ඇත (කැළණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශවවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය, රජරට විශ්වවිද්‍යාලය). එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අදාළ විශ්වවිද්‍යාල වලින් ඉල්ලා සිටියේ මෙම මාර්ගොපදේශ සංගහ්‍රය ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි ජනසන්නිවේදන අධ්‍යනය අංශයේ හෝ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන්ගේ විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙසයි.

එලෙස විෂය නිර්දේශයට ඇතුළත් කර මෙම මාර්ගෝපදේශ පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දැනුවත් කිරීම මඟින් අනාගතයේ බිහිවන ජනමාධ්‍ය වෘත්තිකයින් ළමයා පිළිබඳ වාර්තාකරණයේදී ආචාරධර්මානුකූලව වාර්තාකරණය කරනු ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාව බව ද නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

Mohamed Dilsad

බිලියන 1735 ක අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

බාලාංශය සහ පෙර පාසැල් අගෝස්තුවේ ඇරඹේ[RELEASE]

Mohamed Dilsad

Leave a Comment