ක්‍රීඩා

අදත් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක්

(UTV| කොළඹ) – මාතර සහ කොළඹ පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක දෙවන දිනය අදයි.

මාතර –  උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඊයේ (23) ආරම්භ වූ රුහුණු මහා නිල් සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම මුල් ඉනිම සඳහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 158ක් රැස් කළේය.

ඊයේ දිනය නිමාවේදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 02ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 63කි.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) ආරම්භ වූ 04 වන නීල හරිත සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 167ක් රැස් කර ගනු ලැබීය.

පළමු දිනය අවසන දී කොළඹ ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 103ක් ලබා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

Mohamed Dilsad

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

Mohamed Dilsad

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

Leave a Comment