ප්‍රමුඛ පුවත 1

කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බැලිය යුතුයි- අගමැති

(UTV| කොළඹ) – අද වන විට ලෝකයේ බල තුලනය ආසියාව දෙසට දෝලනය වෙමින් තිබෙනවා. කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බලන්න සිදුව තිබෙනවා. එය අපි නිවැරදිව වටහා ගන්නවා නම් අපේ රට හරි මාර්ගයට ගැනීමට අපට පුලූවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සම්බන්ධතා පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට  සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හැදෑරීමේ ප්‍රමුඛ ස්ථානයක් වන ”බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ” සහතික පත්‍ර ප්‍රදානෝත්ස්වයට සහභාගි වීමට ලැබීම පිළිබඳම මගේ සතුට ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම මධ්‍යස්ථානය නොතිබුණේ නම් අපේ රටේ මෙතරම් ජාත්‍යන්තර විදේශ සබඳතා පිළිබඳව අධ්‍යාපනය ලැබූවන් නොසිටින්නට ඉඩ තිබුණා. පසුකාලීනව මෙවැනි තවත් ආයතන බිහි වුවත්, සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කරන්නේ ඉන් අතළොස්සක් පමණයි. ඒ බොහෝ ආයතනවල දී කලාපයේ සිදුවන සමකාලීන සිදුවීම් පිළිබඳවත් ඉගැන්වීමක් සිදු කරන්නේ නැහැ.

මෙම ආයතනය ආරම්භ කළ කාලයේ මා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා. ඒ යුගයේ අපි ජීවත් වුනේ වෙනස්ම ලෝකයක බව කිව යුතුයි. වඩාත් පැහැදිලිව කියනවා නම්සි රිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ ඉටු කළ කාර්යභාරය හේතුවෙන් ඒ වන විට අප රට ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ඒ වන විට ලෝක බලවතා අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. එනම් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එකල සෝවියට් සංගමය ලෙස හැදින්වූ රුසියාව අතර සීතල යුද්ධයක් ඇති වෙමින් තිබුණා”යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර කුමාර කියයි [VIDEO]

Mohamed Dilsad

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමට ඇමති රිෂාඩ් යයි

Mohamed Dilsad

Leave a Comment