ප්‍රමුඛ පුවත 1

කැණීම් නීති කඩ කළොත් වැඩ වරදිනවා – පතල් කාර්යාංශයේ සභාපති කියයි

(UTV| කොළඹ) – ගල්, වැලි හෝ පස් කැණීමේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ලබාදෙන බලපත්‍රවලට අදාළ නීති උල්ලංඝනය කරන බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර සදාකාලිකවම අවලංගු කිරීමට කටයුතු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවල මහතා පවසයි.

භූ විද්‍යා කාර්යාංශයේ 25 වන සංවත්සරය මූලික කරගනිමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

භූ විද්‍යා කාර්යාංශයේ අභිනව සභාපති ධූරය භාරගෙන සති දෙකක් ගත වන්නටත් පෙර ප්‍රදේශ කිහිපයක සිදුවන මහා පරිමාණ අනවසර කැණීම් සම්බන්ධ සිද්ධීන් කිහිපයකම තොරතුරු තමන් වෙත වාර්තා වූ බව පැවසූ ඉද්දවල මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද උපදෙස් අනුව එම ස්ථානවලට වහාම ගොස්  අධික්ෂණය කර ඒ සඳහා අදාල පියවර ගත් බව මෙහිදී  පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කෙළ් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ඛණිජ සම්පත් කැණීම සඳහා ව්‍යාපාරික ප්‍රජාවට බලපත්‍ර ලබාදෙන ආයතනයක් පමණක් නොවන බවයි. ඒ මහතා එය රටේ ඛනිජ සම්පත් රැක ගැනීමට, එකී සම්පත් රටේ සංවර්ධනය සඳහා ඵලදායී ලෙස භාවිතයට ගැනීමේදී  පරිසරයට අවම හානියක් වන පරිදි එකතු කළ අගය සළකා බලා නිවැරදි රාජ්‍ය භාගය රජයට ලබාදීම යනාදී කටයුතු රැසක් සිදු කරනු ලබන ආයතනයක්  බව සඳහන් කළේය.

මෙසේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අවිධිමත්ව කැණීම් සිදු කරන්නන් හට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා සහාය දෙන යම් නිලධාරීන් වෙ‍ෙතාත් ඔවුන් පිළිබඳව ද අදාළ විනය නීති ක්‍රියාත්මක කරන  බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය තවත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට නව තාක්ෂණය යොදා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

facebook සැබෑවටම පාලනය කල යුතුයි – ඇමති අමරවීර කියයි

Mohamed Dilsad

ජාතික ලැයිස්තු නාම ලේඛනය සතියක් තුළ

Mohamed Dilsad

Leave a Comment