ප්‍රමුඛ පුවත 1

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි

(UTV| කොළඹ) – දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, මඩකලපුවසිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශාවලින් හමයි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී.20-30 ක් පමණ වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළුවිය හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

Mohamed Dilsad

නැගෙනහිරට සහ ඌව පළාත්වලට විටින් විට වැසි

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment