ප්‍රමුඛ පුවත 1

පක්ෂ බේදයෙන් තොරව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටුකිරීම සියලු දේශපාලන නියෝජිතයින්ගේ වගකීමයි

(UTV| කොළඹ) – පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, ජයග‍්‍රහණයෙන් පසුව මහජන සේවාව ඉටුකළ යුත්තේ දේශපාලන පක්ෂ බේදයෙන් තොරව බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනවලට තේරි පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ඊයේ (26) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය ප‍්‍රාථමික විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ කවුරුන් කෙසේ ජයග‍්‍රහණ පිළිබඳ උද්දාම වී කටයුතු කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ කිසිදු දේශපාලන පක්ෂයකට, භාවිතා වූ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 40 කට වැඩි ප‍්‍රතිශතයක් ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති බවයි.

මෙම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වූවා නම් කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමිකර ගැනීමට අවකාශ නොමැති බව වාර්තා මගින් පෙන්වා දෙන බව පැවසූ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කිරීමේදී ද වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ද කියා සිටියේය.

එබැවින් මෙම මැතිවරණ ප‍්‍රතිඵලය පිළිබඳ කිසිවෙකු නොසන්සුන් විය යුතු හෝ උද්දාමයට පත්විය යුතු නැති අතර, මෙම ප‍්‍රතිඵලය පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන ගොස් අනාගතයේදී පැහැදිලි ලෙසම ජයග‍්‍රහණය කරා යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු කිසිදු අඩුවකින් තොරව ඉටුකිරීමට පක්ෂ සභාපතිවරයා ලෙස කැපවන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා විනයෙන් සහ හික්මීමෙන් යුතුව නව මන්තී‍්‍රවරු කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා තම වගකීම් ජනතාව වෙනුවෙන් නිසි ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවයත්, එහිදී මතින් නිදහස් විනයගරුක පිරිසක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

තමන්කඩුව නගර සභාව, තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව, දිඹුලාගල ප‍්‍රාදේශීය සභාව, වැලිකන්ද ප‍්‍රාදේශීය සභාව, හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාව, ලංකාපුර ප‍්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාව සහ ඇළහැර ප‍්‍රාදේශීය සභාව සඳහා තේරි පත්වූ නියෝජිතයෝ මෙහිදී දිවුරුම් දුන්හ.

මේ අතර නවක මන්තී‍්‍රවරුන් වෙනුවෙන්, මහත්මා ගාන්ධි, කෘතිය සහ නෙල්සන් මැන්ඩෙලා ස්වයංචරිතාපදානය වූ, ආදරණීය මැන්ඩෙලා, කෘතිය ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

Mohamed Dilsad

දමිළ පක්‍ෂ තුනක් සන්ධාන ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment