ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් ශ්‍රී ලංකාවේ දී

(UTV| කොළඹ) – බෝනොවන රෝග පිළිබද ප්‍රථම සාක් කළාපීය සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී ලබන 31 සහ අප්‍රේල් 01 යන දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහිදි බෝනොවන රෝග අවම කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සාක් රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම වැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.

ජානමය, ශාරීරික සහ පාරිසරික පුරුදු වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන රෝගී තත්ත්වයක් වන බෝනොවන රෝග අවම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකම වැඩසටහන් දියත් කර ඇත. මෙහිදී හෘද රෝග පිළිකා ශ්වසනාබාධ, දියවැඩියාව ඇතුලු ප්‍රධාන බෝනොවන රෝග වලට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ පහළ සහ මධ්‍යම ආදායම්ලාභි රටවල්වීම ද විශේෂත්වයකි.
ලොව පුරා සිදුවන මරණ වලින් බහුතරයක් සිදු වන්නේ බෝනොවන රෝග වලිනි. ලොවපුරා වසරකට මිලියන 10 ක පමණ සංඛ්‍යාවක් බෝනොවන රෝග වලට ගොදුරු වී ජිවිතක්ෂයට පත් වෙයි. දුම්කොළ භාවිතය, ව්‍යායාම් නොකිරීම, සමබල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය බෝනොවන රෝගවලට ගොදුරුවීමට බලපාන සාධක වෙයි. අප්‍රාණික දුම් පාලනය ද මීට ඇතුලත් වෙයි.
බෝනොවන රෝග තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා බාධාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇත. ඒ අනුව වසර 2030 වන විට බෝනොවන රෝග අවම කර ගැනීම සදහා ඉළක්ක ගත වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වෙයි. ඉන් ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය  සංවිධානය ඇගයීමට ලක් කර ඇති අතර, එය අනෙක් රටවලට ද ආදර්ශයක් බවට පෙන්වා දී ඇත.
හෘද රෝග, අධික රුධිර පීඩනය ඇතුලු රෝග වලින් මියයන සංඛ්‍යාව වසර 2025 වන විට සියයට 25 ක් දක්වා අවම කිරීමට සැළසුම් සකස් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
වසර 2025 වන විට මධ්‍යසාර භාවිතය සියයට 10 කින් අඩු කිරීමට ලුණු භාවිතය සියයට 30 කින් අඩු කිරීමට, දුම්පානය සියයට 30 කින් අඩු කිරිමට සැළසුම් සකස් කර ඇති අතර, එම සැළසුම් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. වසර 2020 වනවිට දුම්කොළ වගාව තහනම් කිරීම, සිගරට් පැකට්ටුවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, දුම්කොළ සමාගම් වලින් අය කරන බදු සියයට 90 දක්වා වැඩි කිරීම, පාසල් අවට මීටර් 100 ක දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරීම ඇතුලු ක්‍රියාමාර්ග ගෙන ඇත. සීනි පරිභෝජනය අවම කිරිම සදහා පැණිබීම වර්ග සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත.
2018 අයවැය මගින් පැණිබීම වර්ගවල සෑම සීනී ග්රැම් 1 කට ම සත 50 ක බද්දක් අය කිරිමට යෝජනා කර ක්‍රියාත්මක කර ඇත. ව්‍යායාම් කිරීම වැඩි කිරීම සදහා ශ්‍රී ලංකාවේ ග්‍රාමසේවා කොට්ඨාස 13000 තුළ ම කායවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇත. තව ද පාසල් ආපන ශාලා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ බෝනොවන රෝග පිළිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද දියත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි එකම යථාර්තවාදී ප්‍රතිපත්තිය [VIDEO]

Mohamed Dilsad

කළුතරදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවේ

Mohamed Dilsad

රංජිත් ද සොයිසා මහතාගේ අවසන් කටයුතු ඉරිදා

Mohamed Dilsad

Leave a Comment