දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමේ සිදුවීමක් ආශ්‍රය කොට ගෙන රංජන් රාමනායක මහතා හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් අතර දුරකථනයෙන් බහින්බස්වීමක් සිදුවිය.
එහිදී තමාට එරෙහිව චෝදනා ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පවසන ලදී.
ඒ අනුව අදාළ චෝදනා සම්බන්ධයෙන් කරුණු සහිතව තමන් විසින් අද දිනයේ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව පැමිණිල්ලක් සිදුකළ බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.