ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය ඉහළට

(UTV| කොළඹ) – 2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතයේ හි ඉහළ යාමක් සිදුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2016 වසරේදී  69.94 % උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබාගත් අතර 2017 වසරේ දී එම ප්‍රතිශතය 73.05 % දක්වා 3.11 % කින් ඉහළ ගොස් තිබේ.

2016 ප්‍රතිඵල සමග සැසඳීමේදී ගණිතය විෂය සමත් වීමේ ප්‍රතිශතය ද 4.43 % කින් ඉහළ ගොස් ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙන්නේ. 2016 වසරේ දී ගණිතය විෂයය සමත් ශිෂ්‍ය ප්‍රතිශතය 62.81 % ලෙස දැක්වුණා.2017 වසරේ දී එය 67.24 % දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතර ව  සියලු විෂයන් සඳහා A (A 9) සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාවෙහිද ඉහළ යාමක් සිදුව තිබේ. පසුගිය වසරේ (2016) සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8224 ලෙස දැක්වුණා. මේ වසරේ දී (2017) එම සංඛ්‍යාව 9960 දක්වා ඉහළ ගොස් ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරිඟු මෙටි‍්‍රක් ටොන් 80,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment