ප්‍රමුඛ පුවත 1

විකෘති කළ මුදල් නෝට්ටු හුවමාරු වැඩසටහන දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබේ.

2018.03.31 දිනෙන් පසු එම සේවාව අත්හිටුවීමට තීරණය කර තිබුනද මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, එ වැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයට හෝ අනුරාධපුරය, මාතලේ, මාතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, කිලිනොච්චි යෙහි පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාලයක් වෙත භාර දෙන ලෙස හෝ එම මුදල් නෝට්ටු පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ එවන ලෙස මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

අදාළ අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) බාගත හැකි අතර ප්‍රාදේශීය කාර්යාල හෝ ඕනෑ ම බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් වෙතින් ද ලබා ගත හැක.

තව ද, අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සළකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු සිතා මතා විකෘති කරන ලද මුදල් නෝට්ටු ලෙස නො සලකන අතර එවැනි මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළ හැකි බව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දෙයි.

මීට අමතර ව සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා/හෝ වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හඳුනා ගත හැකි වන පරිදි ව්‍යවහාර මුදල් සැකසීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කරන ලෙස සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත උපදෙස් ලබා දී ඇත.

කෙසේ වුව ද, ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) හෝ වෙනත් ව්‍යවහාර මුදල් හැසිරවීමේ යන්ත්‍රයක් හරහා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් සාමාන්‍ය මහජනතාව අතට පත් වූ අවස්ථාවක දී එම මුදල් නෝට්ටුව ළඟ ම ඇති බැංකු ශාඛාව වෙතින් හුවමාරු කර ගත හැකි ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු

Mohamed Dilsad

නව අගවිනිසුරු ඇත කිරීමට සුදානම්

Mohamed Dilsad

කලා ඇතළු විෂයන් කිහිපයක් සඳහා බස්නාහිර පළාත් ගුරු පත්වීම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment