ප්‍රමුඛ පුවත 1

ඉදිරි මාසය තුළ දී තවත් ඖෂධ රැසක මිල අඩුවෙයි – සුව ඇමති

(UTV| කොළඹ) – ඉදිරි මාසය තුල තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එහිදී මිල අධික ඖෂධ සහ පිළිකා ඖෂධ වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පාලනය කිරීමේ ප්‍රථම සමුලුවට සමගාමීව කොළඹ ගාලුමුවදොර හෝටලයේ  (31)දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. ඒ ආකාරයට තවත් ඖෂධ වර්ග රැසක මිල ඉදිරි මාසය තුල දී අඩු කිරීමට අපි සැළසුම් කර තිබෙනවා. පිළිකා ඖෂධ වැනි මිල අධික ඖෂධ ඊට ඇතුලත්. හෘද රෝගීන් සදහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් අද වන විට පොරොත්තු ලේඛණය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් මසකට සිදු කළේ 50 ත් 60 ත් අතර ප්‍රමාණයක්. නොමිලේ ස්ටෙන්ස් ලබාදීමත් සමග හෘද සැත්කම් 450 – 500 ත් අතර සංඛ්‍යාවක් මාසයක් තුල දී සිදු කරනවා. තව ද හෘද රෝගයක් ඇතිවීමට පෙර ලබාදෙන
ටෙනෙක්ට්ටප්ලෙස්(Tenecteplase) නැමැති ඖෂධය හේතුවෙන් ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. පසුගිය කාලයේ හෘද රෝගීන් 06 කගෙන් 05 දෙනෙකු පමණ විවිධ හේතු මත මිය ගියා. නමුත් යහපාලන රජය හෘද රෝගීන්ට සහන සැළසීම තුල අද වන විට රෝගීන් 06 කගෙන් 01 රෝගියෙකු පමණයි මිය යන්නේ. රෝහල්වල රුධිර පරීක්ෂණ නොමිලේ සිදු කිරීමේ වැඩපිළිවෙල තුලින් රුධිර පරික්ෂණ සියයට 61 කින් වැඩි වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා. එම නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කළේ. ශ්‍රී ලංකාවට වඩා උචිත රටක් තවත් නොමැත යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා. අද ආරම්භ වු මෙම සමුලුවෙන් බෝනොවන රෝග පාලනය කිරිම සදහා වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලබනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම, වර්ණ සංකේත ක්‍රමය හදුන්වාදීම, ඇතුලු ක්‍රියාමාර්ග රැසක දී බහුජාතික සමාගම් සිය විරෝධය පළ කළා. නමුත් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් එම විරෝධතා වලට බිය නොවී මම තීන්දු තීරණ ගත්තා. ඒ ආකාරයට දකුණු ආසියාවේ ජනතාව බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගත යුතුයි. ඒ සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග දකුණු ආසියානු රටවලට වැදගත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අදත් ප්‍රදේශ කීපයකට තද වැසි…

Mohamed Dilsad

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

ගීතාගේ පුරප්පාඩුව පිරවීම මැතිවරණ කොමිසම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment