ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවට විශේෂ ආරක්‍ෂාවක්

(UTV| කොළඹ) – අනිද්දා (04) දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සුදානම් වෙයි.

ඒ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම හේතුවෙනි.

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ද අද (02) පැවැත්වීමට නියමිතය.

එහිදී වාහන නවතා තබන ස්ථානය පිළිබව ද අවසන් තීරණයක් ගනු ඇත.

පාර්ලිමේන්තු ගැලරියේ ආසන සහා යම් සීමාවක් පැනවීමට සිදු වන්නේද යන්න පිළිබව ද සාකච්ඡා කෙරෙමින් පවතී.

මහජන ගැලරියේ ඇති ආසන 691න් 96ක් වෙන් වන්නේ විශේෂිත පුද්ගලයින් සහාය.

තවත් 60ක් මාධ්‍යවේදීන් සහා වෙන් කර ඇති අතර මහජනතාවට ඉතිරි ආසන වෙන් කර තිබේ.

මේ අතර විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීමේදී කිසියම් හෙයකින් සම වුවහොත් තීරක බලය කථානායකවරයාට හෝ එම අවස්ථාවේ එම ආසනයේ සිටින ප්‍රධානියාට හිමිවන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment