ප්‍රමුඛ පුවත 1

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහය

(UTV| කොළඹ) – මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට අඛණ්ඩව සහය දක්වන බව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2010 සිට 2019 දක්වා කාලය තුළ ඒ සඳහා වැය කරන මුදල යුරෝ මිලියන 6.2ක් බවයි.

බ්‍රිතාන්‍යය හැලෝ ට්‍රස්ට් ආයතනය සමඟ මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර වර්ග මීටර් හය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාව බිම් බෝම්බ පිටු දැකීමේ ඔටාවා සම්මුතියට අත්සන් තැබීමෙන්, වසර 2020 වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජයේ ඇති කැපවීම පිළිබිඹු වන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත.

මේ අතර, ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව පිළිබද සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

Mohamed Dilsad

සහල් මිල වැඩිවීම ගැන ඩඩ්ලි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment