ක්‍රීඩා

දෝනි පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලබයි

(UTV| ඉන්දියාව) – සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දීය ජනාධිපතිවරයා විසින් පද්ම භූෂන් සම්මානය පිරිනමා තිබේ.

ඒ ඊයේ දිනයේදීය.

2011 වසරේ ශ්‍රී ලංකාව පරදවා ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය පිළ මෙහෙය වූයේ මහේන්ද්‍ර  සිං දෝනි විසිනි.

වසර 28කට පසු ඉන්දියාවට 2 වන ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දෙමින් එම අවසන් තරඟය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ මීට සත් වසරකට පෙරදීය.

එනම් 2011 වසරේ අප්‍රේල් 2 වැනිදාය.

එම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 274කි.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී නායකයා වූ දෝනි නොදැවී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ලකුණු 98 ක් රැස් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුපුන්ගේ වටිනාකම ඩොලර් ලක්ෂයට වඩා වැඩියිලු

Mohamed Dilsad

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරමුණ කාටද?

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment