විදෙස්

ට්‍රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්

(උදයම්,ඇමරිකා)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඉතාලියේ සංචාරය කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මේ වසරේ මැයි මාසයේ ඉතාලියේ පැවැත්වෙන ජී හත සමුළුවට සහභාගිවන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ලොව ප්‍රධානතම කාර්මික රටවල් හතේ ජී හත සමුළුව මැයි මාසයේ ඉතාලියේ සිසිලි දිවයිනේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ට්‍රම්ප් යුරෝපා මහද්වීපයට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙයවේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉතාලි අගමැතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තම පැමිණීම සහතික කල බව ධවල මන්දිරය සඳහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  පැනවූ සංචාර තහනම හේතුවෙන් මේ වනවිට යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජතාන්ත්‍රික අර්බුදයක් පැන නැගී තිබේ.

Related posts

සිරියාව එල්ල කල ප්‍රහාරයෙන් තුර්කි භටයන් 33 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වේ

Mohamed Dilsad

අයි.එස් නායකයා මිය ගිය බවට ජනපති ට්‍රම්ප් තහවුරු කරයි

Mohamed Dilsad

Leave a Comment