ක්‍රීඩා

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේ

(උදයම්,කොළඹ) – මෙරට සීග්‍රයෙන් ඉහළ යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වයන් පාලනය කිරීම අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරන ‘ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය’ අද (06) සිට 12වැනිදා දක්වා රට පුරා ක්‍රියාත්මක කෙරේ.

පසුගිය වසරේ ආරම්භ කරන ලද ක්‍රීඩා හා ශරීර සුවතා වැඩ සටහන තවදුරටත් ශක්තිමත් කරමින් සියලු ජන කොටස් අතර ප්‍රචලිත කිරීම මෙවර වැඩ සටහනේ ප්‍රමුඛ අරමුණවී ඇතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අද දින ජනාධිපතිවරයාගේ සහ අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී හා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශරීර සුවතා ව්‍යායාම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පෙරවරුවේ පැවැත්වේ.

මෙයට සමගාමීව සියලු සේවා ස්ථානවල සංවිධාන කළ වැඩ සටහන් හා ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිත බව ඇමැතිවරයා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදීය.

“ක්‍රීඩාව තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවන පරිදි ක්‍රීඩාශීලී සෞඛ්‍ය සම්පන්න පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. මේ පිළිබඳව ජනාධිපතිතුමා විශේෂ උනන්දුවකින් පසුවෙනවා. පසුගිය වසරේ ආරම්භ කළ මේ ශරීර සුවතා වැඩසටහන ඉතාමත් සාර්ථක වුණා. මෙය සතියකට පමණක් සීමා නොකර අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” ඇමැතිවරයා පැවැසීය.

 

Related posts

එංගලන්ත – කොදෙව් තෙවන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

පකිස්තාන ටෙස්ට් තරඟාවලියේ කාලසටහන නිකුත් වේ

Mohamed Dilsad

මැතිව්ස් – මාලිංග ඉන්දීය කෝටි 02 කට විකිණේ

Mohamed Dilsad

Leave a Comment