ප්‍රමුඛ පුවත 1

රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල්

(UTV| කොළඹ) – හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව රජය පවසයි.

ඒ මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණිනි.

මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර අද(5) පාර්ලිමේන්තුවේ දී ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා  පැවසීය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.
විවාදයේ අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
වැරදි 33 සඳහා නව දඬ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මකවේ.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ නිර්දේශ අනුව දඬ මුදල් 33ක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. බලාපොරොත්තු වන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීමටයි. ඒ අනුව ස්ථානීය දඬය රුපියල් 500 සිට 3,000ක උපරිමයකට දඬ මුදල නියම කෙරේ.
මෝටර් වාහන පනත යටතේ නියෝග යටතේ ත්‍රීවීල් රථය වෙනුවට රෝද හතරේ නව රථයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන අතර එය රථවාහන නීතියට ඇතුළත් කිරීමට මෙමඟින් සිදු කෙරේ. එමෙන් ම මෙම නව රථය අධිවේගී මාර්ගවලට ඇතුළ කිරීම වළක්වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇල්පිටිය තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ රාමදාන් පණිවුඩය

Mohamed Dilsad

ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටයි.ඇමති රිෂාඩ් අතින් උපහාර

Mohamed Dilsad

Leave a Comment