ප්‍රමුඛ පුවත 1

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

(UTV| කොළඹ) – ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඝෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී.

ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහය ලබාදීමට ස්වීඩන සහ ඉන්දීය ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින අතර ඔවුන්  ඊයේ (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කළහ.

පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, මඩකලපුව සහ මොණරාගල දිස්ති‍්‍රක්ක පදනම් කර ගනිමින් මෙම වගාව ප‍්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ යටතේ නව වගාබිම් හෙක්ටයාර් 6,000 ක පමණ වගා කටයුතු සිදු කිරීම අපේක්ෂිතය.
ගොවින් මඤ්ඤොක්කා වගාව සඳහා යොමුකර ඔවුන්ගෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා මෙම නව කර්මාන්ත ශාලාව තුළ පිටි බවට පත් කෙරෙන අතර, ඒ තුළින් සීනි නිෂ්පාදනය ද අපේක්ෂා කරයි.

මෙම ආයෝජන මගින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නව රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වනු ඇති අතර, ශ‍්‍රී ලංකාවට සීනි ආනයනය සදහා වැය වන අධික පිරිවැය ද අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ස්වීඩන තාක්ෂණය යටතේ ඉදි කෙරෙන මෙම නව කර්මාන්ත ශාලාවේ කටයුතු මෙම වසරේදී අරම්භ කිරීමට අපේක්ෂිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල යළි නගී

Mohamed Dilsad

පාර්ලිමේන්තුව සැසිවාරය අවසන්

Mohamed Dilsad

සහරාන්ගේ තවත් අනුගාමිකයින් දෙදෙනක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment