ප්‍රමුඛ පුවත 1

කෝප් කමිටුවේ ප්‍රකාශය අසත්‍යයි – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති කියයි

(UTV| කොළඹ) – 2015, 2016, 2017 වසර 03 තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන්වන ලද කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ මිලියන 159 ක් ඇති බවට කෝප් කමිටුව මාධ්‍යයට ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පවසයි.

එම වසර 03 තුළ කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඖෂධවලට සැපයුම්කරුවන්ගෙන් මුලු මුදල හෝ එම ප්‍රමාණයටම ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අයකරගෙන ඇත. ඖෂධ තත්ත්වයෙන් බාල බවට හඳුනාගැනීමත් සමඟ රෝගීන් වෙතට පත් වීමට ඉඩ නොදී යළි ගෙනුවනු ලබන එකම ආයතනය ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම නිසා රජයට පාඩුවක් වී නොමැත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලාභ පරමාර්ථයෙන්ම කටයුතු කරන ආයතනයක් නොව රෝගී සත්කාර සේවා සඳහා ඖෂධ සපයන ආයතනයක් බව සභාපතිවරයා අවධාරණය කර සිටියි.
ලොව පුරා ඖෂධ නිෂ්පාදන කිරීමේ දී ඇතැම් ඖෂධ වල ජීව කාලය වසර දෙකකට වඩා අඩුය. නැව්ගත කිරීමෙන් පසු ඖෂධ ශ්‍රී ලංකාවට ළඟා වන විට මාසයකට ආසන්න කාලයක් ගතවෙයි. තව ද ඖෂධ ආනයනය කිරීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් නිර්දේශ කළ යුතු වෙයි. ඇතැම් ඖෂධ රෝගීන්ගේ අවශ්‍යතාවය මත ජීව කාලය ඉක්මයාමට පෙර මිලදී ගෙන රොහල්වල රෝගී සත්කාරක සේවාවන් සඳහා ලබාදෙනු ලබන්නේ ඖෂධ හිඟයකින් තොරව සැපයීමේ අරමුණිනි. ඔස්ට්‍රේලියාවේ ද තත්ත්වයෙන් බාල ඖෂධ සියයට 15 ඇති බව එම රටේ ඖෂධ දත්ත වාර්තා සඳහන් කරයි. එවන් පසුබිමක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2017 වසරේ දී රුපියල් මිලියන 6232 ක ඖෂධ අලෙවි කර ඇත. ඒ අනුව තත්ත්වයෙන් බාල හෝ කල් ඉකුත් වූ ඖෂධ ප්‍රමාණය සියයට 1 කට වඩා අඩුය. තව ද, ඔසුසල් 37 ක් දිවයින පුරා ඇති අතර, එහි සේවය කරන කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට 50 කින් වැඩි කර ඇත. එම නිසා ඖෂධ අලෙවි කිරීමෙන් පාඩුවක් ලබා නොමැත.
වත්මන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත්වන විට ඖෂධ මිලියන 350 ක් කල් ඉකුත් වී තිබුනි. එම ප්‍රමාණය අවම කිරීම සදහා මෘදුකාංගයක් හඳුන්වා දෙමින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තාරුණ්‍යයේ හඬට සහ තාරුණ්‍යයට වගකීම පවරනවා – සජිත් [VIDEO]

Mohamed Dilsad

රන්ජන් රාමනායක 20 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

අගරදගුරුතුමානන්ගෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment