ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සෘජු විදේශ ආයෝජන වල වාර්තාගත වැඩිවීමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 2017 වසර තුළ ලබාගෙන ඇති බව රජය පවසයි.

2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො බිලියන 1.9කි.
මෙය 2016ට වඩා සිව් ගුණයක වර්ධනයකි. මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේ දීය. එය ඇ.ඩො. බිලියන 1.7කි.
2017 වසරේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයට හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් ලද ඇ.ඩො මිලියන 300ක පළමු වාරිකය ද ඇතුළත් ය.
චීන ආයෝජන මෙන් ම හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල ආයෝජන ද මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කර ගැනීමට හේතු විය.
2017 වසර තුළ ශ්‍රි ලංකාවේ ආපනයනය ද වෙහෙවින් වැඩි වී ඇත. 2017 වසර ජනවාරියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනය 2018 ජනවාරි වන විට 11.6%න් එනම් ඇ.ඩො. 965.4 දක්වා වැඩි වී ඇත. ඊට අමතරව විගමනික ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණය ද වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2017 දෙසැම්බර් වන විට ඇ.ඩො. බිලියන 7.9 දක්වා ඉහළ ගියේ ය.
මෙම වසරේ අවසානයේ දී ඇ.ඩො බිලියන 2.5ක විදේශ ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය කරා ළගාවීමට රජය සැලසුම් කර තිබේ. එය 2020 වනවිට ඇ.ඩො බිලියන 5 දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

Mohamed Dilsad

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

Leave a Comment