(උදයම්,කොළඹ ) – මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසයි
පෞද්ගලික හේතුවක් මත තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඔහු ප්‍රකාශ කළේය.
ඉල්ලා අස්වීමේ ලිපිය හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි අද පෙරවරුවේ නිදහස් පක්ෂ මූලස්ථානය වෙත භාරදී තිබේ.