ප්‍රමුඛ පුවත 1

මෙරට ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අසියානු රටවල පමණක් නොව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්  Dr Tedros Adhanom Ghebreyesus මහතා පසුගියදා ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

“ආසියානු රටවල පමණක් නොවන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලොව සෑම රටකටම ආදර්ශයක්. හරිම විශිෂ්ටයි. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නිදහස් සෞඛ්‍ය සේවයක් වීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වන්නේ සැමට සෞඛ්‍ය යන සංකල්පයයි.එම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පැහැදිලි දේශපාලන නායකත්වයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙය වනවා. අඩු ආදායම්ලාභී රටක් ලෙස තීබූ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙනවා. හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන්නේ එවැනි වටපිටාවකයි”යනුවෙන් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

“ඉහළ ආදායමක් ලබන රටවලට ද එය ආදර්ශයක්. එම නිසයි ලෝක සෞඛ්‍ය සංවිධානය 70 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ දී සැමරීමට තීරණය කළේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අභියෝග ලෙස බෝනොවන රෝග,මානව සම්පතේ හිළය හඳුනාගෙන තිබෙනවා. එම අභියෝග ජය ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රසංසනීයයි.රටේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පිළීබඳව ද මම සතුටට පත් වෙනවා. බෝනොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ භාවිතය අවම කිරීම එක් කරුණක්. ලෝකයේ වැඩිම බද්ද වන සියයට 90 ක් වූ බදු පනවා ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති සහගතව දුම්කොළ භාවිතය අවම කරනවා. අභියෝග කොතරම් ඉහළ වුවත් ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම සහ ඒවාට පිළිතුරු සැපයීමේ හැකියාව තිබෙනවා. මෙවැනි බොහෝ අභියෝග මධ්‍ය යේ වුව ද ශ්‍රී ලංකාව විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අගය කළ යුතුයි” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්  Dr Tedros Adhanom Ghebreyesus මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක ධූරය සඳහා සුදුසු රනිල් – එස්.බී. දිසානායක [VIDEO]

Mohamed Dilsad

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ අද සිට අදාළ පැහැය ගැන්විය යුතුයි.

Mohamed Dilsad

සීනි වල පාලන මිල ඉවත් කිරීම පිළිබඳව අවධානය

Mohamed Dilsad

Leave a Comment