ප්‍රමුඛ පුවත 1

අවුරුද්දට නෑගම් යන්න හෙට සිට විශේෂ දුම්රිය

(UTV| කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව උදෙසා හෙට (12) දින විශේෂ දුම්රිය 12 ක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට රාත්‍රී 7 යි 20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනය කිරීමට නියමිතය.

ඉන් පසු රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6 යි 50 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබේ.

කොළඹ කොටුව සහ මහව අතර විශේෂ දුම්රිය දෙකක් ද මරදාන සිට ගාල්ල සහ මාතර දක්වා විශේෂ දුම්රිය 4 ක් හෙට දිනයේදී ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ නොතබන්නැයි ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

Mohamed Dilsad

මහනුවරට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment