(උදයම්,කොළඹ) – පසුගියදා ඩුබායිහිදීයි රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී කමිටු රැස්වීමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක් ගත බව වාර්තාවේ.
එළඹෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය මෙන්ම කාන්තා ලෝක කුසලානය ද පැවැත්වීමට මෙහිදී අනුමැතිය ලැබී ඇත.
එක්දින , 20 යි 20 සහ ටෙස්ට් තරගාවලි වැඩි වශයෙන් පැවැත්වීමට ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මීට අමතරව විනිසුරු තීරණ යළි සලකා බැලීමේ ක්‍රමවේදය සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා හඳුන්වාදීමටද මෙම ප්‍රධාන විධායක කමිටු රැස්වීමේදී තීරණය වී ඇති තවත් කරුණකි.
එහි මුලික පියවර ලබන ජුනි මාසයේ ගනු ඇති. විනිසුරු තීරණ යළි සලකා බැලීමේ ක්‍රමවේදය 20 යි 20 තරගවල තවදුරටත් සිදු කිරීමට අනුමැතිය ලැබී තිබේ.
මෙහිදී ගෙන ඇති තවත් වැදගත් තීරණයක් වන්නේ දුර්වල තණතිලි සහිත ක්‍රීඩාංගණවලට තහනමක් පැනවීමය.
ඒ අනුව කිසියම් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේදී අඛණ්ඩවම අඩු ලකුණු ප්‍රමාණයන් රැස් වන්නේ නම් එම ක්‍රීඩාංගණයට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
කාන්තා 20 යි 20 ලෝක කුසලානය 2020 වසරේ පෙබරවාරි 21 වනදා සිට මාර්තු 8 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු සාමාජිකයන් තීරණය කර ඇත.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍ය උපදේශක කමිටුවක් ස්ථාපිත කිරීමට නියමිතය.
එහි අරමුණ වන්නේ ක්‍රීඩකයන්ගේ ඖෂධ පිළිබඳ උපදෙස් ලබාගැනීම සහ ක්‍රීඩාවේ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ උපදේශණ ලබාගැනීමය.