විදෙස්

ප්‍රංශය ඇමෙරිකාවෙන් ඉල්ලයි

(UTV|ඇමෙරිකාව) –  ඇමරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ප්‍රමුඛ එකාබද්ධ හමුදා විසින් සිරියාවට ප්‍රහාර එල්ල කළ දිනයේදි ජනාධිපතිවරුන් දෙදෙනා අතර අවස්ථා කිහිපයකදි දුරකතනය ඔස්සේ සාකච්ජා සිදු වී ඇති බව ය.

නායකයන් දෙදෙනා අතර ශක්තිමත් සබඳතාවක් පවතින බව එම වාර්තා පෙන්වා දෙන්නේය.

කෙසේ වෙතත් ධවල මන්දිරය සඳහන් කළේ, ජනපති ට්‍රම්ප්ගේ සැලැස්ම අනුව කඩිනමින් සිරියාවේ අමෙරිකානු හමුදා ඛණ්ඩ ඉවත් කර ගනු ඇති බව ය.

කෙසේ වෙතත් අයි එස් ත්‍රස්තවාදින් විනාශ කරන බවත් ඔවුන්ට යළි හිස එසවීමට අවස්ථාව නොදෙන බව ත් ජනපති ඩොනල් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රති උත්තරයක්

Mohamed Dilsad

Leave a Comment