ප්‍රමුඛ පුවත 1

ලන්ඩනයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ ජනපති

(UTV| ලන්ඩනය) – ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(16) බෞද්ධ මන්දිරයේ දී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක් වෙයි.

බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසට හිසතෙල් ගා ආශිර්වාද කළ අතර පසුව ජනාධිපතිවරයා ලන්ඩන් බෞද්ධ විහාරය වැදපුදා ගත්හ.

අද සිට 21 වන දා දක්වා පොදු රාජ්‍ය මාණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන අනෙකුත් සමුළු පැවැත්වීමට නියමිතයි.

ඒ අතරින් තරුණ සමුළුව, කාන්තා සමුළුව හා ව්‍යාපාරික සමුළුවට විශේෂ ස්ථානයක් හිමිවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසදය ඇමතීමට ද නියමිතයි.

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කරගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍ර‍ධාන දේශනය පැවැත්වීම සඳහාද ජනාධිපතිවරයාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

සෞභාග්‍ය, සුරක්ෂිතබව, සාධාරණත්වය සහ තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කරගැනීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වනු ඇති.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් රැසක් හමුවීමට නියමිතයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතාන්‍ය මහ රැජිණගේ 92 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන බව සඳහන් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙටින් අවසන්

Mohamed Dilsad

රංජිත් සොයිසා බන්ධනාගාරගත කරයි

Mohamed Dilsad

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment