ප්‍රමුඛ පුවත 1

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

(UTV| කොළඹ) – එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්, පෙර නොවූ වීරු ආකාරයේ විශාලතම ශ්‍රි ලාංකීය ව්‍යාපාරික හා වෙළෙඳ නියෝජිත පිරිසක් සහභාගී කෙරෙන බවත්, එහිදී ඔවුන් ශ්‍රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ශ්‍රි ලාංකීය වෙළෙඳ සන්නාම නාමය සහ උද්යෝග පාඨයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා වෙළෙඳ ව්‍යාපාරික පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව මුලින්ම ආරම්භ වන්නේ 1997 දීය. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව ලන්ඩන් නුවරදී පැවැත්වෙන්නේ පළමුවරටය. එසේම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතුරින් අප සිටින්නේ 14 වන ස්ථානයේ ය. එහි පළමු තැන සිංගප්පූරුව ද, දෙවන තැන එක්සත් රාජධානියට ද, හිමි වී තිබේ. මේ මහා ව්‍යාපාරික සමුළුව ආශ්‍රිතව සංවිධාන කටයුතු ඉටු කරන්නේ වාණිජ දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

“2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේ එක් මූලෝපායික හෙවත් උපායමාර්ගික රටක් බවට පත් වීමට ශ්‍රි ලංකාවට හැකි වී තිබෙනවා. අප මගේ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ දෙපාර්තමේන්තුව ඔස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා, විවිධ තොරතුරු ඉදිරිපත් කරමින්, ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවේ සාකච්ඡා, පවත්වමින් ආයෝජන ක්‍ෂේත්‍ර පිළිබඳව ලන්ඩන්හිදී සිදු කිරීමට නියමිත වැඩ පිළිවෙල දියත් කරමින් සිටිනවා. මේ සඳහා ආපේ පෞද්ගලික ව්‍යාපාරික නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නියෝජිතයින් රැසක්ම සහභගී වීමට නියමිතයි. මෙවර වැඩිම ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිත යි.

ශ්‍රි ලංකාව, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාවක් බවට මෙම ව්‍යාපාරික සමුළුව පත්කර ගැනීමට අපේක්‍ෂා කරනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ ශ්‍රි ලංකාවේ වාර්ෂික ගෝලීය “භාණ්ඩ” වෙළෙඳාම සියයට 27% ක් වෙනවා. එසේම ” සේවා ” අංශය සියයට 40% ක් පමණ වෙනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රි ලංකාවේ නව වෙළෙඳ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සැලකිය යුතු මට්ටමේ කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය ශ්‍රි ලාංකීය අපනයනකරුවන් හට නව නිෂ්පාදන 40 ක් සහ නව වෙළෙඳපොළවල් 15 ක් දැනටමත් හඳුනාගෙන විශ්ලේෂණය කරලා තියෙනවා. ඒ අනුව අනාගතයේදී ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට ස්වර්ණමය යුගයක් උදාවෙනවා.” යැයි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

පලාලි ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

Mohamed Dilsad

චම්පික රණවක ගැන සිංහලේ ජාතික සංවිධානය කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment