ප්‍රමුඛ පුවත 1

ජනතාවට සෙත සැලසෙන කර්මාන්තපුරයක් හම්බන්තොටට

(උදයම්,කොළඹ )   – ජනතාව පීඩාවට පත්නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරය ඉදිකිරීමට පියවර ගනී.

හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක් අද (06) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙම සාකච්ජාව හම්බන්තොට සංවර්ධන කලාපය පිළිබදව පත්කළ කමිටු සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරින් අතර පැවැත්වන ලදී.

කමිටුවේ සාමාජිකයන් වන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද මෙම සාකච්ජාවට එක්ව සිටියේය.

මෙහිදී කමිටු සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් හම්බන්තොට සංවර්ධන කලාපයේ ඉදිරි කටයුතු පිලිබදව ගැඹුරින් සාකච්ජා කරනු ලැබුණි.

එහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් මෙන්ම යෝජිත හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතියටද යෝග්‍ය අයුරින් සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බවය.

ඒ අනුව දැනට අත්පත්කරගෙන ඇති ජනාවාස නොවන ප්‍රදේශ කර්මාන්ත කලාපය සඳහා යොදාගැනීමට හැකිබවද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

එමෙන්ම ඊට අමතරව අවශ්‍යවන ව්‍යාපෘතීන් සදහා දැනට රජය සතුව පවතින ඉඩම් යොදාගැනීමට හැකි බවත් ඒ සඳහා ඇති හැකියාව සොයාබලන ලෙසත් අමාත්‍යවරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදෙනු ලැබීය.

වැඩිදුරත් කමිටුව හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩම් යොදාගැනීමේදී හැකිතාක් ජනාවාසවලින් තොර රජය සතු ඉඩම් පිලිබදව අවදානය යොමුකිරිම සුදුසු වන බවය.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපය සදහා පසුගිය රජය සමයේ වෙන් කර, දැනට නිරවුල් කරගෙන ඇති ඉඩම් සහ ජනාවාස අඩු ප්‍රදේශවලින් අවශ්‍ය ඉඩම් පහසුකම් සපුරාගැනීම වඩාත් යෝග්‍ය වන බවය.

එසේම ඉදිරියේදී අවශ්‍ය උවහොත් සංවර්ධනය සදහා යොදාගන්නා ප්‍රදේශවල ජනතාවට පවතින නිවාසවලට වඩා හොඳ නිවාස සහ ඉඩම් ලබාදිමට ඇති හැකියාවද විමසා බැලිණි. ඒ අනුව ජනතාවට හානියක් නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරයේ කටයුතු සදහා සහය දක්වන බවද ඒ මහතා විසින් සඳහන් කළේය.

Related posts

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

පාකිස්තානය භාරයේ සිටි ලාංකික ධීවරයින් නිදහස්

Mohamed Dilsad

මිස් කෝල් ගැන ජනතාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment