(UTV| කොළඹ) – මැතිවරණය පැවැති පළාත් පාලන ආයතන සියල්ලෙහි බලය පිහිටුවීම සඳහා ලබාදී ඇති අවසාන දිනය අප්‍රේල් 20 වන දා යින් අවසන් වේ.
පළාත් පාලන ආයතන 341 ක් අතරින් ආයතන 340 ක මැතිවරණය පෙබරවාරි 10 වන දා පැවැත් විය.
තවමත් ඇතැම් පළාත් පාලන ආයතනවල තේරී පත් වූ සභිකයින් ගැසට් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.
කාන්තා නියෝජනය පිළිබඳව පැවැති ගැටලු සහගත තත්ත්වයන්ද එම ප්‍රමාදයට හේතුවී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා නගරාධිපතිවරු තෝරාපත්කර ගැනීමේ කටයුතු අප්‍රේල් 20 වන දා යින් අවසන්වීමත් සමග එතෙක් බලය පිහිටුවීමට නොහැකි වන ආයතන පවත්වාගෙන යාම ලේකම්වරුන්ට පැවරෙන කාර්යයක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර තිබේ.
තවමත් ඇතැම් පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ට ඡන්දය පැවැත්වීමට නොහැකිවී ඇත්තේ, මැතිවරණ කොමිසම විසින් ඇතැම් සභිකයින් ගැසට් කර නොතිබිම නිසා බව ද අමාත්‍යංශය පෙන්වා දෙයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]