ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

(උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ.
දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි .
මෙම  සංකේත වර්ජනයෙන් විසඳුම් නොලැබුණහොත් දීර්ඝ කාලීනව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව තම ඉල්ලීම් වලට අද දිනයේදී විසඳුම් නොලැබුණහොත් එළඹෙන 15 වැනිදායින් පසු අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවද එඩ්වඞ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.

Related posts

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

ගෑස් අර්බුධය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment