ප්‍රමුඛ පුවත 1

සුව ඇමති කියුබාවේ සෞඛ්‍ය සමුළුවකට එක් වෙයි

(UTV| කොළඹ) –  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (23) කියුබාවේ අවානා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගි වෙයි.

කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුලුව අද (23) සිට (27) දින දක්වා කියුබාවේ අවානා නුවර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙම සමුලුවට සහභාගිවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ ආරාධනාවක් සිදු කරනු ලැබුයේ ශ්‍රී ලංකාවේ සිටින කියුබාවේ තානාපතිනය වන Jauna Elena Rodrigues මහත්මිය  විසිනි. රටවල් 42 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රටවල් 82 ක් නියෝජනය කරමින් 3000 කට අධික සෞඛ්‍ය බලධාරීන් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
ගෝලීය සෞඛ්‍ය අභියෝග සහ නව ප්‍රවණතා පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. විද්‍යාත්මක සැසිවාරවල දී අනාගත සෞඛ්‍ය අභියෝග පිළිබදව ද, සෞඛ්‍ය සේවාවේ ආරක්ෂිතභාවය පිළිබදව ද නව රෝග, තිරසර සෞඛ්‍ය පද්ධති‍, වෛද්‍ය අධ්‍යාපනය, ප්‍රථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය කිරීම පිළිබදව අවධානය යොමු කිරීමට නියමිතයව ඇත.
ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණය යටතේ තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. තව ද කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කර ගැනීම පිළිබදව දෙරට අතර සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාවේ සිටින කියුබාවේ තානාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අදාල ජයාරූප ද මේ සමග යොමු කර ඇත. මේ පිළිබද ඉංග්‍රීසි භාෂා පිටපත ද මේ සමග වේ. 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙමළ සන්ධානයේ මතය තහවුරු වේ

Mohamed Dilsad

සියළුම මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment