ප්‍රමුඛ පුවත 1

පොදු රද මඩුළු ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම දිනු යුද්ධ හමුදා ක්‍රීඩකයා හමුදාපති හමුවෙයි

(UTV| කොළඹ) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බර ඉසීලිමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් සිකුරාදා (20) දින මධ්‍යයහනයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර ඔහුගේ බර ඉසිලීමේ කුසලතාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහාත් ඔහුගේ අවශ්‍යතාවයන් සපයාදීම සඳහාත් අනාගතයේ සහාය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී සහතික විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ දී (කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ) බර ඉසීලිමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගනීමින් රටට සහ යුද්ධ හමුදාවට අත්කරදුන් කීර්තිය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභපැතුම් එක්කළහ.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින්කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් හට එම ස්ථානයට ළඟාවීමට උනන්දු කරවූ ඔහුගේ පුහුණුකරු බනි I එම්.ජි.එන් ප්‍රනාන්දු හටද සිය ස්තුතිය පුද කළහ.

මෙහිදි පදක්කම්ලාභි කෝප්‍රල් ජේ.ඒ.සී. ලක්මාල් හට සවන්දුන් යුද්ධ හමුදාධිපතිතුමන්,ඔහුගේ අනාගත ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කරගැනීම තුළින් බර ඉසීලිමේ ඉසව්වෙන් තවත් ජාත්‍යන්තර පදක්කම් ලබාගැනීමට හැකිවන සේ පහසුකම් සැලසීමට මෙන්ම අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ විමසා බැලු අතර,එම අවශ්‍යතාවයන් සපුරාලීමට යුද්ධ හමුදාධිපතිතුමන් පොරෝන්දු විය.

යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර,කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා සහ යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිමේ කමිටුවේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් ජයන්ත විජේසුන්දර මෙන්ම පුහුණුකරු බනි I එම්.ජි.එන් ප්‍රනාන්දු ද යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති මෙම සුහද හමුව සඳහා එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද වැඩවර්ජනයක.

Mohamed Dilsad

නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්

Mohamed Dilsad

හතුරුසිංහට චෝදනා පත්‍රයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Mohamed Dilsad

Leave a Comment