ප්‍රමුඛ පුවත 1

දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පියවර ගැනේ

(UTV| කොළඹ) – වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා ලෙස සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

සියලු ම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ වෙත මෙම උපදෙස් මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව දන්සැල් සම්බන්ධයෙන් දන්සල ක්‍රියාත්මක වන කොට්ඨාශයේ ආහාර පනතේ සියළු ම බලධාරීන් සහ බලය ලත් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

01- සියළුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලයේ ලියාපදිංචි කිරීම කළ යුතුය.

02- දන්සැල් පවත්වාගෙන යන අයගේ නම,ලිපිනය, දූරකතන අංකය වැනි මූලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් කර ගැනීම.

03- මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් දන්සැල් පරික්ෂා කිරීමේ දී 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගත යුතුය.

04- දන්සැල් ආරම්භ කිරීමට ප්‍රථම සහ දන්සැල් අවසන් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරීක්ෂා කර ප්‍රිසර සෞඛ්‍යයට හානි නොවන බවට ද වගබල ගත යුතුය

යනුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර  ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුරක්ෂා රක්ෂණය පිලිබඳ බන්දුල කතා කරයි [VIDEO]

Mohamed Dilsad

නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

එජාප රැළිය කල් ගියේ ඇයි ?

Mohamed Dilsad

Leave a Comment