ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

‍මාර්තු මාසයේ උද්ධමනය පහළට

(UTV| කොළඹ) – මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට දෙකයි දශම අට දක්වා අඩු වී තිබේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ පෙබරවාරි මාසයට වඩා මාර්තු මාසයේ දී උද්ධමනය දශම 4කින් අඩු වී ඇති බවයි.
මෙවර උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ එකයි දශම දෙකක හා ආහාර නොවන කාණ්ඩයේ එකයි දශම 6ක දායකත්වයක් ලබා දී තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට අටයි දශම දෙකක ඉහළ අගයක් වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම සඳහා එළවළු, ලොකු ළූණූ, සහල්, රතු ළූණු, කෙසෙල්, මාළු, අමු මිරිස්, අර්තාපල් සහ පොල් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම බලපා තිබේ.
එහෙත් වියළි හාල් මැස්සන්, ළදරු කිරිපිටි, බිත්තර සහ දෙහි යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මාර්තු මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම වැඩි වීමක් සිදුව ඇති අතර මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය‍, ප්‍රවාහන, රෙදිපිළි හා පාවහන් යන භාණ්ඩවල මිල වැඩිවීම ඒ සඳහා බලපා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුහුණු සරසවියේ නවක වද සිද්ධිය සම්බන්දයෙන් සිසුන් 19 දෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

රජය භාරයට ගත් කහ වලට මොකද වෙන්නේ

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment