ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අගමැති අතර හමුවක්

(UTV| කොළඹ) – පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානිගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දෙරට අතර මිත්‍රත්වයේ නොමැකෙන පියවරක් තබමින් ඊයේ (23) ඉස්ලමාබාද් නුවර පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ගරු ෂාහීද් ඛාන් අබ්බාසි මැතිතුමන් (Hon. Prime Minister Shahid Khaqan Abbasi) හමු විය.

පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර යුද්ධ හමුදාධිපති සහ පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි ආරක්‍ෂක ගැටළු සහ අනෙකුත් කලාපීය ගැටළු පිළිබඳ පුළුල් ලෙස අවධානය යොමුකරමින් සාකච්ඡා කරන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්විම, ඇතිවිය හැකි විවිධ තර්ජනයන් වලට එරෙහිව සටන් කිරිම වැනි ආරක්‍ෂක ගැටළු සහ අනෙකුත් කලාපීය ගැටළු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන 5 ආර් සංකල්පය (5R concept) යනුවෙන් ප්‍රචලිත පුනරුත්ථාපනය, ප්‍රතිසංස්කරණය, ප්‍රතිසමාජගත කිරීම, නැවත පදිංචි කිරීම සහ සංහිඳියාව යන සාධක වලින් සමන්විත ක්‍රියාවලිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සාමාජික ප්‍රමාණය මත රදා පවතිමින් නවීන අවශ්‍යතා සඳහා ගැලපෙන හමුදාවක් බවට පරිවර්තනය කිරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ මනස සහ හදවත් දිනාගැනිම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන්, සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදාව කටයුතු කිරිම සහ ඔවුන්ගේ යහපැවැත්ම සඳහා හමුදාවේ දායකත්වය, අවතැන්වුවන් නැවත ඔවුන්ගේ ඉඩම් වල පදිංචි කරවිම, උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවයේ නියුතු හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම ඉහල තත්වයකට ගෙන ඒම, උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් හා සියලු ජනවර්ග හා සිවිල් ජන සමූහයන් අතර විශ්වාසය ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම, ජාතිය ගොඩ නැගීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල අඩු ආදායම්ලාභී සිවිල් ජනතාවගේ ජීවන හා ආර්ථික තත්වයන් වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයන්, මහා මාර්ග, නව පාසල් ගොඩනැගිලි, වැව් අමුණු ඉදිකිරිම, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා පාසල් උපකරණ බෙදා දීම වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘතින් පිළිබඳව ඉදිරිපත් කිරිමක් ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිවරයා විසින් සිදුකරන ලදී.

වසර කිහිපයකට පෙර ත්‍රස්තවාදයට එරෙහිව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරන ලද කාර්යභාරයන් පිළිබඳව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විස්මයට පත්වු අතර කලාපයේ හොඳ අසල්වැසියකු ලෙසත්, සියලු ශ්‍රී ලාංකිකයින් හට වැඩි ප්‍රතිලාභයක් අත්පත් කර දෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙන්ම රජය විසින් සිදු කරනු ලබන මහජන සේවාවන් සඳහා සිය රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බැව් ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් අතර පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡා අවසානයේ මෙම හමුව සිහිපත් විම සඳහා ඔවුන් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මෙම පකිස්ථාන සංචාරය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර, යුද්ධ හමුදාධිපති සහකාර කර්නල් උදය කුමාර සහ යුද්ධ හමුදාධිපති අධි සහායක ද එක්ව සිටින ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රියානි ජයසිංහ ඝාතනයේ සුලමුල හෙළි වෙයි

Mohamed Dilsad

ඇල්පිටියෙන් ආරම්භ වන සියලූම පෞද්ගලික බස් වර්ජනයකට

Mohamed Dilsad

ජනපතිගෙන් පෞද්ගලික ආයතන වලට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment