ප්‍රමුඛ පුවත 1

ලෝක මැලේරියා දිනය අදයි

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකිකයින් විවිධ හේතූන් සඳහා විදේශ සංචාරවල යෙදීමත් වැඩි වශයෙන් විදේශ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමත් ඔවුන් අතරින් මැලේරියා රෝගය නැවත ලංකාවට පැමිණීමටත් එමඟින් වසංගත තත්ත්වයක් ඇති වීමටත් ඇති ඉඩ කඩ ක්‍රමාණුකූලව වැඩි වෙමින් පවතින නිසා මෙවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය ගත යුතු සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(25) යෙදී තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සෑම විනාඩි දෙකටම ලෝකයේ අවුරුදු 05ට අඩු දරුවෙකු මැලේරියාව නිසා ජීවිතක්ෂයට පත් වන අතර ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපවීම සහ අප්‍රතිහත ධෛර්ය හේතු කොට ගෙන අද වනවිට මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට හැකිව තිබේ.
මෙම රෝගය මෙරටින් තුරන් කළ ද රෝග පතුරුවන වාහක මදුරුවන් මෙරටින් තුරන් කර නැති බවත් මේ තත්ත්වය සංකූල කරමින් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ ආගන්තුක වහක මදුරුවෙකු හමු වී ඇත.
මේ හේතුකොට ගෙන යම් ආකරයකින් නැවත ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාවේ අතීතයේ පැවැති මැලේරියාව පිළිබඳ අප දුටු දේ උඩු යටිකුරු විය හැකිය.
එහෙයින් මැලේරියා මර්දනය සඳහා ජනතාවගේ සහයෝගය ලබාගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බවද අමාත්‍යවරයා පවසා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින් බලගැන්වීමට නව ප‍්‍රතිපත්ති රාමුවක්

Mohamed Dilsad

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පක්ෂ නායකයින් අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment