ප්‍රමුඛ පුවත 1

අවසන් තීරණයක් ගන්නා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අදයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ රැස්වීමට නියමිතය.

පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය විසින් ඊයේ නම් කළ එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු නාමාවලිය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය.

අරලියගහ මන්දිරයේදී ඊයේ(25) පස්වරුවේ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය රැස්වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අනූව පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ නව මහලේකම් ධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ සභාපති ධූරයට නම් කෙරුණේ අමාත්‍ය කබීර් හෂීම් මහතායි.

පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කළ යුතු බව දේශපාලන මණ්ඩලය තීරණය කළේ ය.

පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කටයුතු කරන අතර උපනායක ධූරයට රවී කරුණානායක මහතා පත් කරනු ඇත.

පුරප්පාඩුවී ඇති අනෙක් තනතුරු ද අද රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පත්කිරීමට නියමිත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සේවක වැටුප් ගැටළුව ගැන වෘත්තීය සමිති කට අරී..

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් ජනපති කොමිසමට

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment