ප්‍රමුඛ පුවත 1

සහනාධාර පොහොර අලෙවිය අද සිට

(UTV| කොළඹ) – රුපියල් 1500 ට වැඩි මුදලකට සහනාධාර පොහොර අලෙවි කරනු ලබන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පාරිභෝගික සේවා අධිකාරියට දන්වන ලෙස රජය දැනුම් දෙයි.

මේ වන විට රට තුළ පොහොර හිඟයක් නොමැති බවත්, එවැන්නක් ඇති කිරීමට හෝ මවාපෑමට ඇතැමුන් උත්සහ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙයි.

විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එලෙස පොහොර අලෙවි කරන්නේ නම් 1920 හදිසි ඇමතුම් අංකයට හෝ 011 303 66 66 දුරකතන අංකයට දැනුම්දෙන ලෙසයි.

රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ රජයට අයත් ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ අලෙවි නියෝජිතයින් මාර්ගයෙන් රුපියල් 1500ක සහනාධාර පොහොර ගොවීන්ට ලබාගත හැක.

හෙක්ටයාර 2 කට අඩුවෙන් වී වගා කරන ගොවීන් සඳහා රුපියල් 500 බැගින් වූ සහනාධාර පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නව මැතිවරණ ක්‍රමයෙන් රට අස්ථාවර වීමේ අවධානමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට ලිපියක් [LETTER]

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

Leave a Comment