ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයේ සිටි හිමි නමක් ඇතුළු 9ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල  භික්ෂු බලමණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට සහභාගීවූ භික්ෂූන් වහන්සේ නමක් සමඟ තවත් සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ විරෝධතාවය අතර තුර කලහකාරීව හැසිරෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ කිරීම හේතුවෙනි.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඥ වීදියේ සිට කොළඹ පුරහල දක්වා මීට ටික වේලාවකට පෙර දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීම සිදු කළඳ මේ අධ්‍යයන වර්ෂ සඳහා බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය යන විෂයන් සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජීපානිගේ සගයින් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නාලක ද සිල්වා ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

Leave a Comment