ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවෙන් පිළිබිඹු වන 2017 වසරේ ආර්ථිකය

(UTV| කොළඹ) – 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් පසුගිය දෙවසර තුළදී අනුගමනය කරන ලද ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආර්ථිකයෙහි කැපී පෙනෙන වර්ධනයන් ගණනාවක් සඳහා හේතු වුවද, පසුගිය වසර කිහිපය තුළ වාර්තා කළ අඩුම මූර්ත වර්ධන වේගය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වර්ධන වේගය 2017 වසරේදී මන්දගාමීත්වයක් පෙන්නුම් කළේය. 2015 වසර අවසානයේ සිට ක්‍රමයෙන් දැඩි කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් ඉහළ නැංවීම මගින් 2017 වසරේ මාර්තු මාසයේදී තවදුරටත් දැඩි කරන ලදී.

එසේම, වැඩි වෙමින් පැවති පොලී අනුපාතික ඉහළ මට්ටමක ස්ථාවර වීමට ද ඉඩ සලසන ලදී. කෙසේ වුවද, 2015 සහ 2016 වසර තුළ පැවති වෙළඳපොළ අසමතුලිතතා නිවැරදි කරමින් රජ‍යේ සුරැකුම්පත් වෙළඳපොළෙහි ඇතිවූ සාධනීය වෙනස්කම්, සුරැකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහත වැටීම සඳහා හේතු වූ අතර, වසර අවසානය වන විට ඇතැම් වෙළඳපොළ පොලී අනුපාතික අඩුවීම සඳහා ද එමගින් බලපෑමක් ඇති විය. නාමික සහ මූර්ත පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සහ යෝග්‍ය සාර්ව විචක්ෂණ ක්‍රියාමාර්ග, 2017 වසරේදී මුදල් සමස්තවල වර්ධනය ක්‍රමයෙන් මන්දගාමී වීම සඳහා හේතු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ‘සයිබර් තාක්‍ෂණ’ ප්‍රදර්ශනය නැගෙනහිර පළාතේ නරඹන්නන් සියගණනකගේ ආකර්ශනය දිනාගනී

Mohamed Dilsad

පොල් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

එරන්දගෙන් ගෝඨාට අභියෝගයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment