ප්‍රමුඛ පුවත 1

සංචාරක ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට ඇමති සාගලගේ අවධානය

(UTV| මාතර) – වැලිගම ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රෙය් ඇති වී තිබෙන ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම වෙනුවන් ඇතිකළ ප්‍රාදේශීය කමිටුව ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී  ඊයේ (26) පැවැත් වුණි.

ඊට ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු සියලු පාර්ශවයන්ගේම නියෝජිතයින් මෙන්ම දක්ෂිණ සංවර්ධන අධිකාරිය, සංචාරක සංවර්ධන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, සුරිබදු දෙපාර්තමේන්තුව ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වල නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ ද කීය.

සංචාරකයන්ට උපරිම විනෝදයක් ලැබිය හැකිවන පරිදි සහ ප්‍රදේශවාසීන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට සංචාරක කර්මාන්තය නිසාවෙන් බාධා ඇති නොවන පරිදි සංචාරක ආකර්ෂණයට ලක්ව තිබෙන ප්‍රදේශ සංවර්ධන කටයුතු සිදුකළ යුතුයි. ඇත්තටම මිරිස්ස වගේ ප්‍රදේශ පසුගිය වසර දෙක තුන තුළ විශාල වශයෙන් ඉදිරියට ආවා. විශාල සංවර්ධනයක් ඇති වුණා. අපිට ආපහු හැරෙන්න බෑ. අඩුපාඩු හදාගෙන ඉදිරියට යා යුතුයි. දැනට මේ ක්ෂේත්‍රෙය් නිරත වෙලා ඉන්නට පිරිස් ඉදිරියට ගෙන යා යුතු වෙනවා වගේම අලුත් පිරිස්  මේ ක්ෂේත්‍රය වෙත නැඹුරු කර ගත යුතු වෙනවා.

නමුත් පහුගිය දිනවල ඇති වුණු යම් යම් සිද්ධි නිසා යම් අවධානමක් ඇතිව තිබෙන නිසා අපි මේ සියලු කටයුතු සුපරික්ෂාකාරීව සිදු කළ යුතු වෙනවා. නීතියෙන්ම හැම දේම කරන්න බෑ. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ නිරත පාර්ශව ඔවුනොවුන් අතර අවබෝධයක් ඇතිකරගෙන ඉදිරියට යායුතු වෙනවා. එවිට ගැටුම් අඩුයි. ඒ නිසා තමයි විශේෂයෙන් මේ කමිටුව පත් කළේ. කමිටුව සක්‍රීයව තබා ගැනීම අනිවාර්යයි. මම මේ ගැන පුද්ගලිකව අවධානය යොමු කරනවා. මොකද සංචාරක ව්‍යාපාරය අපේ රටේ විශාල ආයෝජන අවස්ථා විවර කරන කර්මාන්තයක් බවට ඉදිරියේ දී පත්වෙනවා. අපි ඒ සඳහා සූදානම්ව සිටිය යුතුයි. ඒ සඳහා විශාල වගකීමක් සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු පාර්ශව වලටත් තියෙනවා. යැයි අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පෞද්ගලික ව්‍යවසායකයින්ට ආර්ථිකය තුළ උපරිම අවස්ථාව

Mohamed Dilsad

රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

වසර 7 කට පසු මත්තලට එමිරේට්ස් ගුවන් යානයක්

Mohamed Dilsad

Leave a Comment