ප්‍රමුඛ පුවත 1

තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් ගැන නිසි අවධානය යොමුකිරීම ද අතිශය වැදගත්- අගමැති මැයි දින පණිවුඩය

(UTV| කොළඹ) – නූතන සන්නිවේදන, තාක්ෂණික දියුණුව සමඟ ශ්‍රමය සම්බන්ධ අගය සහ එහි භාවිතය වඩාත් පුළුල් වී තිබේ. වැඩ කරන ජනතාව යනු තවදුරටත් කම්හලේ, ගොවිපළේ පමණක් වැඩෙහි නියැළෙන අය නොවේ. උදා වී ඇති පුළුල් වෘත්තීමය අවකාශයන් තුළ වැඩෙහි යෙදෙන ජනතාව ස්වකීය අයිතීන් ගැන සංවේදී වීම, සංවාද වීම මෙන්ම රටට සහ ජනතාවට තමා වෙතින් ඉටුවිය යුතු වගකීම් ගැන නිසි අවධානය යොමුකිරීම ද අතිශය වැදගත් යැයි  අදට යෙදී තිබෙන ලෝක මැයි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලෝක ඉතිහාසයේ කම්කරු අරගල, වැඩ කරන ජනතාවට අයිතීන් රැසක් දිනා දී ඇති අතර, වර්තමානයේ ස්වකීය අයිතීන් දිනා ගැනීම සඳහා සාම්ප්‍රදායික අරගලවලින් ඔබ්බට ගිය නව ක්‍රමවේද සොයා ගැනීමේ අභියෝගය අප සැම ඉදිරියේ පවතී. නූතන සන්නිවේදන, තාක්ෂණ දියුණුවත් සමඟ වැඩ කරන ජනතාවට ඒකරාශී වීමට, ස්වකීය අයිතීන් ගැන කතා කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටීමට වඩාත් සක්‍රීය සංවාද මණ්ඩප විවෘත වී තිබේ.

නව දැක්මකින් යුතුව වඩාත් පුළුල් සංවාද, සාකච්ඡා, සක්‍රීය මැදිහත්වීම් සමඟ කම්කරු දිනයට නව අරුතක් එක්කිරීමට අප සැම පෙළගැසිය යුතුය. දියුණු ලෝකයත් සමඟ අත්වැල් බැඳගනිමින් සැබෑ නවෝදයක් කරා අප රට ඔසවා තැබීමට වැඩ කරන ජනතාවගේ උපරිම දායකත්වය ලැබෙනු ඇතැයි යන්න මාගේ අපේක්ෂාවයි.

ස්වකීය අයිතීන් දිනාගන්නා අතරම රට වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ඉටුකිරීම ස¼දහා නොපිරිහෙළා කැපවන්නට සමස්ත වැඩ කරන ජනතාවට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනය කරමි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ අධික වාහන තද බදයක්

Mohamed Dilsad

මරණ දඬුවම ගැන අද ජනපති කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

Mohamed Dilsad

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment