ප්‍රමුඛ පුවත 1

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

(UTV| කොළඹ) – නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තාවේ.

වාරි මාර්ග සහ ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා දිවුරුම් දී තිබේ.

මොහාන් ලාල් ග්‍රේරෝ මහතා – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,දිලිප් වෙදආරච්චි මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරිය ලෙසද , ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ලෙසද ,ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා – රාජ්‍ය පරිපාලන සහ කලමනාකරණ හා නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ,වීරකුමාර දිසානායක මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද ,අමීර් අලි ෂිහාබ්දීන් මහතා- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ,දුනේෂ් ගන්කන්ද මහතා – ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා , රන්ජන් රාමනායක මහතා – සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුණි.

කරුණාරත්න පරණවිතාන මහතා – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සාරතී දුෂ්මන්ත මහතා – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ,පාලිත තෙවරප්පෙරුම මහතා – තිරසාර සංවර්ධන, වනජීවි හා ප්රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ,මනූෂ නානායක්කාර මහතා – විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

මුත්තු සිවලිංගම් මහතා – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ,සෙයිද් අලි සාහීර් මවුලානා – ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ,එච්.එම්.එම් හාරිස් මහතා – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

ඉදිරියේ දී දුම්රිය සේවයේ නවීකරණයන් රැසක් [VIDEO]

Mohamed Dilsad

පක්‍ෂ නායක රැස්වීම අද කතානායකගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment