ප්‍රමුඛ පුවත 1

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට

(උදයම්,කොළඹ) – පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට ඉරිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඔහු මේබව සඳහන් කලේ යෝජිත විශ්ව විද්‍යාලය ඉරිකිරීමට නියමිත දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ අදාල ඉඩමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (07) එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා , පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට නව රජය තීරණයකර තිබෙන බවත් මෙම විශ්ව විද්‍යාලයේ අරමුණ වී ඇත්තේ පොලිස් සේවයේ සහ තවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හැදෑරීමට උනන්දුවක් දක්වන පුදගලයන්ට මෙන්ම විදේශ ශිෂ්‍යන්ටත් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය හැදෑරීම අවස්ථාව ලබාදීම බවද පෙන්වා දුන්නේය. ඊට අමතරව පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ දරුවන්ටද මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවදානය යොමුකර ඇති බවද පැවසුවේය.

හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම සදහා කමිටුවක් පත්කර ඇතිබවත් ලගදීම මෙම විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍යවන නීතිමය අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

මෙම විශ්ව විද්‍යාලය, විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක් සමග අනුබද්ධ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවිට පාඨමාලා හුවමාරු කරගැනීම වැනි අවස්ථා රැසකට මෙම නව විශ්ව විද්‍යාලයට යොමුවීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

Related posts

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ

Mohamed Dilsad

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි

Mohamed Dilsad

Leave a Comment