(UTV| කොළඹ) – ආසන පටි, වායු බැලූන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් සහිත යූරෝ iv හෝ එයට සමාන තත්ත්ව සහතිකවලට අනුකූල නොවන වාහන ආනයනය ජූලි මස 01 දා සිට තහනම් කරන බව රේගුව පවසයි.
මෙය මෙම වසරේ මුල සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණ ද පාර්ශ්ව කිහිපයක ඉල්ලීම මත හේතුන් කිහිපයක් සලකා බලා කල් දැමු බව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඒ අනුව ජූලි මස 01 දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියැදුරු සහ ඉදිරි පස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලූන (Air bags), අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති (Anti-locking Breaking System (ABS) සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි (Three point seat belt) තිබීම අනිවාර්ය වේ.
2018 අයවැය මගින් ඉදිරිපත් වූ මෙම යෝජනාව ජනවාරි මස 01 දා සිටි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් වාහන නිෂ්පාදකයන්ගේ සහ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙය කල් දමනු ලැබීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]